Mögen alle Wesen glücklich sein!

Das ist unsere Motto
Home Ankündigungen Mönche Angebote Archiv Audio Video Geschichte Verein Spenden Mitgliedschaft Kontakt

Ankündigungen

දස වැනි සංවත්සර සැමරුම සහ වෙසක් මංගල්‍යය 2024

jubiläum logo

ගරුතර ස්වාමින් වහන්ස,

ප්‍රිය මහත්මයානෙනි, මහත්මියනි

සංවත්සර සැමරුම සහ වෙසක් මංගල්‍යය ඉකුත් දශක තුනකට ආසන්න කාලයක් ජර්මනියේ වාසය කරමින් ලෝක ශාසනික හා අධ්‍යාපනික වශයෙන් මා කළ මෙහෙවරට ඔබ සැමගේ ආශිර්වාද පූර්ණ ලෙන්ගතු සහයෝගය හිමිවීම මට ඉමහත් ශක්තියක් විය

මගේ ජීවිතයට සැට වසරක් පිරීමත්, කරුණා සමාධි සංවිධානයට විසි වසක් ගතවීමත්, ලෝක ශාසනික සේවාව අපරදිග ලෝකය තුළ ව්‍යාප්ත කිරීමට අප ආරම්භ කළ ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරයට දශකයක් ගතවීමත්, මුල් කරගෙන ඉතා අනගි පින්කම් මාලාවක් මේ වසරේ ජූනි මස 1 සහ 2 යන දෙදින පැවැත්වීමට මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සහ දායක පින්වතුන් කටයුතු සංවිධානය කර තිබේ.

ඒ පින්කම් මාලාවට සහභාගි වී අපට සහයෝගය ලබා දෙන මෙන් ගෞරවනීය ඔබවහන්සේගෙන්/ ඔබතුමාගෙන් ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අපගේ ඇරයුම පරිදි වැඩමවීම/පැමිණීම මැයි මස 10 වැනිදාට පෙර තහවුරු කරන මෙන් සිහිපත් කරමි.

තෙරුවන් සරණයි !

මෙයට

ශාසනෝන්නතිකාමී

රත්මලේ පුඤ්ඤරතන හිමි

+